සිම්බාබ්වේ තරඟයේ ආරක්ෂාවට වනජීවී නිලධාරීන් කැඳවයි - හම්බන්තොට පිටියට අලි ප්‍රහාරයක අවදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

සිම්බාබ්වේ තරඟයේ ආරක්ෂාවට වනජීවී නිලධාරීන් කැඳවයි - හම්බන්තොට පිටියට අලි ප්‍රහාරයක අවදානමක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවන එක්දින තරඟය ජුලි 06 වන දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මේ අතර එම තරඟය සඳහා වන ජීවී නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

හම්බන්තොට ක්‍රීඩාංගණයට පසුගිය කාලයේ අලි ප්‍රහාර එල්ලවීම හේතුවෙන් මෙම තරඟය සඳහා ආරක්ෂාවට වනජීවී නිලධාරීන් ද යෙදවීමට තීරණය කර තිබේ. ක්‍රීඩාපිටියේ ගේට්ටුව ඇතුළු ස්ථාන කිහිපයකටම අලි හානි සිදුකර ඇති බව ද ඒ අනුව තරඟ පැවැත්වෙන අවස්ථාවන් හිදී අලි පැමිණීම වළක්වාලීම සඳහා වනජීවී නිලධාරීන් යොදවනු ඇති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad