වෛද්‍ය සංගමය වැඩ වර්ජනය හකුළා ගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

වෛද්‍ය සංගමය වැඩ වර්ජනය හකුළා ගෙන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව පැවති අඛණ්ඩ වැඩවර්ජනය සතියක කාලයක් අත්හිටුවීමට තීරණය කර තිබේ. අද (04) පැවති විධායක කමිටු රැස්වීමේදී එලෙස තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  

එමෙන්ම මෙම වර්ජනය කල් තැබීම සඳහා හේතු සාධක වූ කරුණු 4ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එහිදී ධනාත්මක යෝජනවලියක් ඉදිරිපත් කිරීමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පවතින එඟතා සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට එකඟ වීමත් අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් හමු වී ගත් තීරණ හා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මේ අතර අද පස්වරු 4ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad