චාලි ඔස්ටින් ගැන මහේල කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

චාලි ඔස්ටින් ගැන මහේල කතා කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ කතාබහට ලක්ව තිබේ. ක්‍රීඩක අර්බුධය,ක්‍රීඩා ඇමති දයාසිරි මහතාගේ ප්‍රකාශ ඒ අතරින් ප්‍රමුඛ වේ.කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ කළමනාකරු වශයෙන් කටයුතු කරන එංගලන්ත ජාතික චාලි ඔස්ටින් පිළිබඳව විවිධ පුවත් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ.

කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන,ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම කළමනාකරු වශයෙන් කටයුතු කරන්නේ චාලි ඔස්ටින් මහතාය. ඇතැම් වෙබ් අඩවිවල පළ වූ ප්‍රකාශවලින් කියැවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන හස්තය බවට ඒ මහතා පත්ව ඇති බවයි. මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුම හරහා ඔහුගේ අනුගාමිකයෙකු යොමුකළ ගැටළුවකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ එම ප්‍රකාශය හුදෙක්ම කටකතාවක් පමණක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad