ලංකාවේ දොස්තරලා ගැන ලෝකෙටම කියු සිම්බාබ්වේ ක‍්‍රීඩකයා (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

ලංකාවේ දොස්තරලා ගැන ලෝකෙටම කියු සිම්බාබ්වේ ක‍්‍රීඩකයා (PHOTO)

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක Ryan Burl ආහාර විෂ වීමක් නිසා ප්‍රතිකාර කරන්න ලංකාවේ රෝහලකට ඇතුලත් කළා කියලා අපි ඔයාලට ඊයේ කිව්වා මතක ඇති නේ. ඉතින් මොහුව ඇතුලත් කරලා තියෙන්නේ හම්බන්තොට මහා රෝහලට. මේ දවස්වල දොස්තරලා ගැන කට්ටිය ටිකක් ඉන්නේ තරහින් නේ. ඒ වුණාට Ryan Burl ලංකාවේ දොස්තරලා ගැන වර්ණනා කරලා ලෝකෙටම ඒ ගැන කියලා.

ඔහුට අසාද්‍ය වෙච්ච වෙලාවේ ඉඳලා මුළු රැයක් පුරාම වෛද්‍යවරුන් සහ එහි කාර්ය මණ්ඩලය Ryan ගැන ගොඩක් හොඳින් හොයලා බලලා ඉක්මන් ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් රයන් සිය ට්විටර් ගිණුමේ ඡායාරූපයක් පළ කරමින් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ” බොහොම ස්තුති හම්බන්තොට රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛදවරුන්ට මාව සුවපත් කළාට. ලොකු අත්දැකීමක් ලැබුවා මා ඔබ සමඟ.”

No comments:

Post a Comment

Post Bottom Ad