වවුනියාවේ දී සිංහ කොඩිය බිම දමා පාගලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

වවුනියාවේ දී සිංහ කොඩිය බිම දමා පාගලා

කිසියම් පුද්ගලයෙකු අද (25) දහවල් වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස පැවති සිංහ කොඩිය කඩා බිම දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිරිසක් පැවසුවේ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කොඩිය කඩා බිම දමා පාගා නැවත පළා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පැවසූවේ අදාළ සිදවීම සිදුකළ පුද්ගලයා සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවන බවයි.


මාධව කුලසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad