අවුරුදු එකහමාරක් ගියත් හොරු අල්ලුවේ නැතැයි ජනපති කැබිනට්ටුවේදී සැර වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

අවුරුදු එකහමාරක් ගියත් හොරු අල්ලුවේ නැතැයි ජනපති කැබිනට්ටුවේදී සැර වෙලා

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  තමන් යටතට පත් කළොත් මාස තුනකින් හොරු අල්ලා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ.

ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තමන් යටතේ නොමැති බවත් ඊට තමන්ගේ වගකීමක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ පසුගිය වසර එක හමාරක කාලය තුළ එමඟින් පරීක්‍ෂා කොට ඇත්තේ රාජපක්‍ෂවරුන්ව හෝ ඔවුන් යටතේ දූෂණ කළ අය හෝ නොව තමන් සමඟ එක්වී ආණ්ඩුවට සහාය පළ කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු 76 දෙනකු පමණක් බවයි. 


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පොලිසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම් ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බවත් අවශ්‍ය නම් ඔවුන් ගෙන්වා විමසීමක් කළ හැකි බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට තිබේ. මේ අතර දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාලය දිගු කිරීම සම්බන්ධව කැබිනෙට් මණ්ඩලය ඊයේ තීරණයක් නොගත් බව ද වාර්තා වේ.

(දෙනගම ධම්මික රණවීර,ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර - මව්බිම)

No comments:

Post a Comment

Post Bottom Ad