“අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත“ ජනපති අණින් නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

“අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත“ ජනපති අණින් නවතී

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

අදාල පනත් කෙටුම්පතේ සිංහල හා දෙමළ පිටපත් සියළු පාර්ලිමේන්තු නියෝජිතයන්ට ලබා දෙනතෙක් හෝ විවාදය කල් දමන ලෙස කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට හා කනාතාකවරයාට දුරකතනයෙන් අමතමින් මේ බව දන්වා තිබේ. කෙසේ නමුත් අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම පනත ඉදිරිපත් කිරීම ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad