“මහින්දගේ කාලේ මේ තරම් ඇගිලි ගැසීම් තිබුණෙ නෑ.. “අර්ජුනගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

“මහින්දගේ කාලේ මේ තරම් ඇගිලි ගැසීම් තිබුණෙ නෑ.. “අර්ජුනගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම සහ අත්වෙන්නට යන ඉරණම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක්‌ භාරදීමට ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තීරණය කර තිබේ.

රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ වීමට පෙර රටේ වගකිව යුතු පාර්ශ්ව දැනුවත් කිරීම තමාගේ යුතුකමක්‌ බවත් ඒ වෙනුවෙන් ලිතව එම දෙපළට ඉදිරි සති දෙක ඇතුළත සියලු කරුණු භාර දෙන බවත් රණතුංග මහතා  පැවසීය. “අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මගෙන් ක්‍රිකට්‌ ගැන මේ දක්‌වා මොකක්‌වත් අහල නැහැ. හැබැයි මේ රටේ මිනිස්‌සු බලන් ඉන්නවා මම මොනවද කරන්නෙ කියලා. ඒ නිසා මගේ යුතුකමක්‌ තියෙනවා මේ සම්බන්ධයෙන් රටේ වගකිව යුතු ජනපතිට සහ අගමැතිට දන්වන්න. ඊට පස්‌සෙ මගේ යුතුකම ඉවරයි.” යනුවෙන් රණතුංග මහතා පැවසීය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට සූදුකාරයන් ළං කර ගැනීමට යහපාලනය ක්‍රියා කර ඇති බවත් ක්‍රිකට්‌ ක්‍රීඩාව අගාධයට තල්ලු වූයේ මේ යහපාලනයෙන් බවත් රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. “මහින්ද රාජපක්‌ෂ මහත්තයගෙ කාලයෙත් දේශපාලනය ක්‍රිකට්‌ ක්‍රීඩාවට තිබුණා. නමුත් මේ තරම් තිබුණෙ නැහැ. මොකද ඒ කාලයේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සූදුකාරයන්ට එන්න දුන්නෙ නැහැ. නමුත් ආණ්‌ඩුවට ක්‍රිකට්‌ හදන්න අවශ්‍යද කියන එක මටත් ප්‍රශ්නයක්‌”

2011 ලෝක කුසලානයේ තරග පාවාදීමක්‌ සිදු වූ බවට තමා කිසිම විටෙක ප්‍රකාශ නොකරන බවත් එම තරගයේදී සිදුවූ ඇතැම් සිදුවීම් තමාට සැක සහිත බවත් පවසන රණතුංග මහතා එම ලෝක කුසලානය පිළිබඳව මෙරට 99% ක්‌ම සැක කරන බවද සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් වෙන කෙනෙක්‌ හෝ තමාට ක්‍රිකට්‌ හදන්න ඉල්ලීමක්‌ කළොත් ක්‍රිකට්‌ හැදීමේ වගකීම භාර ගන්නා බවත් ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමේ කාලෝචිත අවස්‌ථාවක්‌ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි. ක්‍රිකට්‌ ආයතනයේ මානව හිමිකම් වාර්තාව එළියට නොදැමීම පිළිබඳව ඔහු කලකිරීමට පත්ව ඇති බව තවදුරටත් සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad