තිලාන් සමරවීර බංගලාදේශයේ පිතිකරණ පුහුණු තනතුරෙන් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

තිලාන් සමරවීර බංගලාදේශයේ පිතිකරණ පුහුණු තනතුරෙන් ඉවතට

බංගලාදේශ කණ්ඩයාමේ පිතිකරණ උපදේශකවරයා ලෙසින් ක්‍රියාකළ තිලාන් සමරවීරගේ නිළ සේවා කාලය දීර්ඝ නොකිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.

පසුගිය වසරේ සැප්තම්බර් මාසයේදී සමරවීරගේ සේවා කාලය ශූරයන්ගේ කුසලානය දක්වා දීර්ඝ කරනු ලැබුවා. බංගලාදේශ ක්‍රිකට් ආයතනය මේ වන විට නව පිතිකරණ උපදේශකවරයෙක් සඳහා සොයා බලමින් සිටින බව එහි විධායක නිසමුද්දීන් චෞදි ප්‍රකාශ කළා.ඒ සඳහා සලකා බැලෙන නම් ලැයිස්තුවේ හිටපු ඔස්ට්‍රේලියානු පලමු පෙල ක්‍රීඩකයෙකු වන මාර්ක් ඕ නීල් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේද පුහුණුකරු ධූරය මෙ වන විට හිස්ව පවතින අතර ඒ සඳහා තිලාන් සමරවීර පත්කරනවාද නැද්ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad