ලංකාව රනින් සැරසේ - වැරදි කළ ඉන්දියානු ක්‍රීඩිකාවගේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ නිමාලිට

ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 800 කාන්තා   ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් නිමාලි ලියනාරච්චිට රන් පදක්කම ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ,රන් පදක්කම දිනා ගත් ඉන්දියාවේ අර්චනා තරග නීති උල්ලංඝණය කරමින් ඇයට බාධා කිරීම නිසායි. එහි ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට ඒ අනුව රිදී පදක්කම හිමි වුණා.
 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment