මහවැලි මහ සෑය පුද්ගලික සමාගමකට - සෝමානන්ද හිමිගෙන් ඇමති නවීන්ට දෝස්මුරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

මහවැලි මහ සෑය පුද්ගලික සමාගමකට - සෝමානන්ද හිමිගෙන් ඇමති නවීන්ට දෝස්මුරයක්

නවින් දිසානායක අමාත්‍යවරයා සඟ සතු දේපළක් වෙනුවෙන් අනවශ්‍ය මැදිහත් වීමක් සිදු කරන බව පුජ්‍ය මාදන්වල සෝමානන්ද හිමි පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (16) මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ,

“නවින් දිසානායක ඇමතිතුමා මේ දවස්වල ජනමාධ්‍යවල මේ පනතක් පෙන්නලා මේ මුළු මහජනතාවම,මුළු රටවැසියන්ම මුලාවට පත් කරන්න කටයුතු කරනවා.මේ පනතක් මඟින් 2009 මැයි මාසයේදී මේක පාර්ලිමේන්තුවට දාලා මේ මහවැලි කල්චරල් ෆවුන්ඩේෂන් ට්‍රස්ට් කියන පෞද්ගලික සමාගම සංස්ථා ගත කරලා මේක මහවැලි මහ සෑයේ ඇතුළට දාලා මහවැලි මහ සෑය සංවර්ධනය කරන සමාගමක් හැටියට රටට පෙන්වලා මේක පාර්ලිමේන්තුවේ සභා සම්මත කරගෙන කටයුතු කරලා තියෙනවා.

මේක සමාගමේ අයිතියට ගත්තොත් එහෙම මේ පුජනීය සිද්ධස්ථානය කවදාකවත් බෞද්ධයාටවත් පුජනීය ස්ථානයකට අදාළ වන කිසිම කෙනෙකුට ඒකට ඇතුල් වෙන්නවත් අවසරයක් නොලැබෙයි.” මේ අනුව පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය නවින් දිසානායක මහතා මේ සම්බන්ධයෙන් දැක්වුයේ මෙවැනි අදහසකි. “දැන් විශාල පිරිසක් එනවා මහ සෑය බලන්න.ඒ එන කට්ටියට වැසිකිලි පහසුකම් නෑ.සමහර බස් වල 50 ක් 60ක් එනවා ඒවා නවත්තන්න පාර්කින් නැහැ.මං මේක අතහරින්නේ නැහැ.ඒක මං කියනවා.

මං ඕනෙ නම් ඇමැතිකමත් දෙන්නම්.නමුත් මට ඕනේ මේ භූමිය දියුණු කරන්න.මොකද මට නිකන් දැනෙනවා මගේ තාත්තා එතන ඉන්නවා කියලා.මහවැලි සෑය විවෘත කරනකොට අනිවාර්යයෙන්ම එතුමා එතන හිටියා.මට ඒක දැනුණා පුතෙක් හැටියට.මේක එතුමා බලාපොරොත්තු වුණ දේ.පළවෙනි අදියරය ඉවර කරලා තව අදියරවල් 2ක 3ක් තියෙනවා.ඒක සම්පුර්ණයෙන් ඉවර කරන්න.අවුරුදු 10ක් 12ක් ඇතුළත මට බලාපොරොත්තුවක් තියෙනවා.ඊට පස්සේ ඕන එක්කෙනෙක්ට මේක භාර ගන්න පුළුවන්.”

No comments:

Post a Comment

Post Bottom Ad