‘නව ව්‍යවස්‌ථාව ගෙන ඒම ස්‌ථිරයි’ – අගමැති රනිල් වික්‍රමසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

‘නව ව්‍යවස්‌ථාව ගෙන ඒම ස්‌ථිරයි’ – අගමැති රනිල් වික්‍රමසිංහ

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒමට රජය ගෙන ඇති තීරණයේ වෙනසක්‌ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පැවසීය.

යම් හෙයකින් එම තීරණය වෙනස්‌ වන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ යෑයි ද හෙතෙම සඳහන් කළේය. වත්මන් රජය ජනතාව ලබාදුන් වරම අනුව කටයුතු කරන බව සඳහන් කළ අගමැතිවරයා ජනතා අභිප්‍රායන් ඉටුකිරීම සඳහා නිබඳව පෙනී සිටින බවත් කියා සිටියේ ය.

අගමැතිවරයා මේ බව පැවසුවේ මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඊයේ (07 දා) පැවති උත්සවයකට එක්‌වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad