රට සවාරි යන එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් සීමාවක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

රට සවාරි යන එජාප මන්ත්‍රීන්ට අගමැතිගෙන් සීමාවක්!

තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

ඒ අනුව දෙසැම්බර් තෙක් කිසිදු විදෙස් සංචාරයකට එක් නොවන ලෙස ද අත්‍යවශ්‍ය කරුණක් සඳහා විදෙස් ගතවන්නේ නම් තමා දැනුම්වත් කර ඊට අවසර ගන්නා ලෙසද අගමැතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගත වන්නේ නම් එම කරුණ සම්බන්ධයෙන් ඊට සති 3 කට පෙර අගමැතිවරයාට දැන්විය යුතු වේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විදේශ ගමන් අත්‍යාවශ්‍ය කරුණු මත පමණක් පදනම් විය යුතු බවත් එසේ නොවුවහොත් රජයේ කාර්යක්ෂම සහ ප්‍රමුඛතා කටයුතු වලට බාධා පැමැණ විය හැකි බවත් අගමැතිවරයා දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad