විරුද්ධ පක්ෂයට වැඩිය ආණ්ඩුවෙන් තමයි මට වැඩිම හිරිහැර වුණේ.. - යහපාලන රජයේ ඇමති කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

විරුද්ධ පක්ෂයට වැඩිය ආණ්ඩුවෙන් තමයි මට වැඩිම හිරිහැර වුණේ.. - යහපාලන රජයේ ඇමති කියන කතාව

තමන් ආණ්ඩුව තුළ  වැඩිම පීඩනයට පත්වූ පුද්ගලයෙකු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ද ඒහා සමාන දේ සිදුවූ බවයි. අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කර සිටියේ අද (10 ) අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ රුවල් බෝට්ටු නිෂ්පාදනාගාරයකට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

ස්වාධීන මාධ්‍යට නීතිරීති අණපනත් මගින් බලපෑම් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. අමාත්‍යවරයා එහිදී පහත පරිදි අදහස් පළ කළා.

''මිනිස්සු කැමති නෑ මාධ්‍යවල මාධ්‍ය හමුටික විතරක් ගෙනල්ල දානවට. දැන් සතියක් මාධ්‍ය හමුව  තිබ්බේ නැත්නම් රුපවාහිනී චැනල් ප්‍රවෘත්ති වහගෙන ඉන්න වෙන තරමටම පත්වෙලා. රටේ සිද්ධවෙන වැදගත් දේවල්  පළකිරීමත් මාධ්‍යවල වගකීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු කරන්න මම දරන උත්සාහය ව්‍යර්ථ කරන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙයින් වැඩි පිරිසක්  පළමු වතාවට පාර්ලිමේන්තු ආපු අය. නැත්නම් බොහොම ආධුනික අය. 

මොකද ඒ අය  දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ  ඒ අය කනිෂ්ඨයෝ කියලා. දැන් මේ අලුත් අයට ඕනවෙලා තියෙනවා ජ්‍යෙෂ්ඨයන් බවට පත්වෙන්න. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තියාගෙන බැරි නිසා වෙනත් පක්ෂයක් හදලා මේ පක්ෂය දෙකඩ කරන එකේ,දී සාමය වෙනුවෙන් කතා කරන එකතු වෙන්න කතා කරන අයට ප්‍රහාර එල්ල කිරීම තමයි  මුලික අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. ඒ කුමන්ත්‍රණයක එක අදියරක් තමයි පසුගිය දවස් වල ආවේ. 

මේ මොන තත්වයක්  මත උනත් අපි අවසාන වශයෙන් උත්සහ කරන්නේ මේ පක්ෂය දෙකඩ කිරීම නවත්වන්න. මේක එකතු කරගන්න තමයි අපි උපරිම උත්සහ කරන්නේ. අපිට ඕන 2025 ,2035 ආණ්ඩු හදන්න නායකයෝ පත් කරන්න නොවේ.  2020 ජයග්‍රහණය ලබා ගැනීම තමයි අපේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි කැපවීම, මහන්සිය අපි යොදවන්නේ. ඒ වැඩ පිළිවෙල අපි අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ දේශපාලනයේ මට තරම් බාධක, කරදර එල්ල වෙච්ච කෙනෙක් මම හිතන්නේ නෑ මේ ලංකාවේම ඉන්නවා කියලා. 

දේශපාලනය කරන්න ගිහින් විරුද්ධ පක්ෂයෙන් විතරක් නොවේ, හැමදාම ආණ්ඩුව ඇතුලේ වැඩිම පිඩනයට පත්වෙච්ච කෙනෙක් තමයි මම. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් ඒහා සමාන දේවල් වුණා. මට විරුද්ධ පක්ෂයට වැඩිය ආණ්ඩු පක්ෂයෙන් තමයි වැඩිම හිරිහැර  වුණේ. ගිය මැතිවරණයේදී මාව පරද්දන්න හැම දෙයක් ම කළා. ඒ දවස්වල ඕන වුණේ ආණ්ඩුවක් හදනවට  වැඩිය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මහින්ද අමරවීරව පරද්දන්නත් අනෙකුත් දිස්ත්‍රිකවල ජනාධිපතිතුමා එක්ක ඉන්න කණ්ඩායම පරද්දන්නත් තමයි. 
නමුත් ඒක සාර්ථක කර ගන්න බැරි වුණා. 

ස්වාමින් වහන්සේලා පවා වේදිකාවට ගෙනල්ල කිවුවේ ඡන්දය දෙන්න එපා කියලා. විවිධ සංවිධාන නියෝජිතයෝ වේදිකාවට ගෙනල්ලා කිවුවේ මහින්ද අමරවීරට ඡන්දය දෙන්න එපා කියලා .මෙහෙ ඉන්න දේශපාලනඥයින් කිවුවා ඡන්දය දෙන්න එපා යු.එන්.පි එකට යයි කියලා. මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා මොකටවත් යන්නේ නෑ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ගැන කතා කරනවා .කෙටුම් පත දීල තියෙනවා අනුමැතිය දීලා තියෙනවලු. මේ මොකවත් තාම කරලා නෑ.

බුද්ධාගමට හිමිතැන නැති වෙනවා කියනවා. ස්වාමින් වහන්සේලාට ගිහිල්ල බේගල් කියන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ බුද්ධාගමට හිමිතැන කිසිසේත් අහිමිවෙන්න ඉඩ හරින්නේ නෑ. බුද්ධාගමට තිබු ප්‍රමුඛ තැන මේ රජය තුළ  ඒ ආකාරයෙන්ම තිබෙනවා කියන එක මම වගකීමෙන් කියනවා''

No comments:

Post a Comment

Post Bottom Ad