'කාන්තාවන් රූපලාවන්‍යයට උනන්දු වීම පාපයක්- තොල් සායම්, හැඩ දැමූ ඇදුම් එපා' ප්‍රධාන පෙළේ ඉස්ලාම් පූජකයා කාන්තාවන්ට දීපු උපදෙසක් ලොව කළඹයි .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

'කාන්තාවන් රූපලාවන්‍යයට උනන්දු වීම පාපයක්- තොල් සායම්, හැඩ දැමූ ඇදුම් එපා' ප්‍රධාන පෙළේ ඉස්ලාම් පූජකයා කාන්තාවන්ට දීපු උපදෙසක් ලොව කළඹයි .!

එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමෙන් වලකින මෙන් සහ තොල් සායම් ආලේපනය නොකරන මෙන් ප්‍රධාන පෙළේ ඉස්ලාම් පූජකවරයෙකු කාන්තාවන්ට උපදෙස් දී තිබෙනවා.

ආචාර්ය මොහමඩ් අලරෆේ නම් මෙම ප්‍රධාන පෙළේ ඉස්ලාම් පූජකවරයා විශාල මුස්ලිම් ජනගහනයක් සහිත රටවල කාන්තාවන් ඇඟලන අබායා ඇඳුම මිලදී ගන්නා විට එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින්නැයි ඉල්ලා ඇත. මෙම පූජකව‍රයා පවසා ඇත්තේ කාන්තාවන්ගේ රුපලාවන්‍ය උනන්දුව පාපයක් බවයි.

ට්විටර් පණිවුඩයක් මගින් පූජකවරයා කළ එම ඉල්ලීමට බොහෝ කාන්තාවන් හාස්‍යජනක ප්‍රතිචාරයක් පළ කර තිබුණා. තමන් මිලදී ගත් අබායා ඇඳුම්වල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කළ කාන්තාවෝ එම ඇඳුම් අනුමත කරන්නේ දැයි ආචාර්ය අලරෆේ ගෙන් විමසා තිබෙනු දැකගත හැකි උනා.
 

මොහොමඩ් අලරෆේ පූජකවරයාගේ ට්විටර් ගිණුම පහතින්...


 


No comments:

Post a Comment

Post Bottom Ad