මහින්දට යළි නාම යෝජනා නෑ - පක්ෂයේ බලය ගිලිහෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

මහින්දට යළි නාම යෝජනා නෑ - පක්ෂයේ බලය ගිලිහෙන ලකුණු

ඉදිරි මැතිවරණයකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා හිමි නොවන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන අනාගතයක් නොමැති බවද අනුරාධපුර - තිරප්පනේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ මහතා සමග ඇත්තේ හිතවත්කමේ, ගෞරවයේ, සැලකිල්ලේ ප්‍රශ්නයක් නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සමග ආණ්ඩුවට පවතින්නේ ඔහු රට පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ගත් වැරදි ක්‍රියාමාර්ගයක් බවත් කියා සිටියේය.

පක්ෂය ගැන කැක්කුමක් තිබුණානම් මහින්ද රාජපක්ෂ මහතාට දෙවැනි නායකත්වයක් බිහිකිරීමට පක්ෂය තුළ ඉඩලබා දී නොතිබූ බවත් ඔහුගේ පවුලට හා සහෝදරයින්ට හැර පක්ෂයේ දෙවැනි තෙවැනි නායකත්වයක් බිහි කිරීමට කටයුතු නොකල බවත් දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad