කොළඹ ඇල මාර්ග හා කුණු කාණු සුද්ද කරන්න නාවික හමුදාව යොදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

කොළඹ ඇල මාර්ග හා කුණු කාණු සුද්ද කරන්න නාවික හමුදාව යොදවයි

දැනට කොළඹ නගරය තුළ හා අවට ඇති ඇළ මාර්ග හා කාණු පද්ධති, අපද්‍රව්‍ය හා ජලජ පැලෑටි නිසා ජලය ගලා බැස යෑමට නොහැකි ලෙස මුළුමණින්ම අවහිර වී ඇති බැවින් කොළඹ අවට ඇති ඇල මර්ග හා කාණු පද්ධති පිරිසිදු කර ජලය බැස යන ආකරයට පිලිසකර කිරිමේ කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කොට ඇත.

ඇල මාර්ගයන් හා කාණු පද්ධති අවහිර වී තිබීම හේතුවෙන් ඉතා සුළු වර්ෂාවකදි වුවද කොළඹ හා ඒ අවට ප්‍රදේශය වැසි ජලයෙන් යටවී ගමනාගමනයට පවා ඉතා අසීරු තත්වයට පත් වේ. තවද, ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි ඉඩකඩක් පවතින අතර, මේ වන විටද ප්‍රදේශයේ විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මෙම වැඩසටහන් මාලව යටතේ වත්තල, කැලණිය, පෑලියගොඩ සහ කෙරවලපිටිය ප්‍රදේශවල ඇල මාර්ග පිලිසකර කිරිමේ කටයුතු මේ වන විටත් සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිලධාරින්ගෙන් සහ නාවික නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් නාවික හමුදාව සතුවන අතර, නාවික හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම ඇල මාර්ග හරහා කුඩා යාත්‍රා මගින් ප්‍රවාහන කටයුතු සිදු කර ගැනිමට හැකිවන පරිදි ඇල මාර්ග පිළිසකර කර දිමට කටයුතු කරනු ලබයි. දැනට පිරිසිදු කිරිම් කරගෙන යනු ලබන ඕලන්ද ඇල, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මීගමු කලපුව දක්වා දිවෙන අතර, වෙනත් අතුරු ඇල මාර්ග බෝහොමයක් මෙම ඇල මාර්ගයට සම්බන්ධවී ඇත. 

සම්පුර්ණයෙන් ජපන් ජබර සහ අපද්‍රව්‍යවලින් පිරි පැවැති මෙම ඇල මාර්යේ පිරිසිදු කිරිම් මේ වන විට ආරම්භ කොට ඇති අතර දැනට කිලෝමිටර් 3.5 පමණ කොටසක් පිරිසිදු කර ඇත. මෙම කාර්තව්‍ය සම්පුර්ණ කර ගැනිම සඳහා ඉඩම් ගොඩකිරිම් සංස්ථාවට අයත් යන්ත්‍රෝපකරණ සහ එම නිලධාරින්ගේ සහයෝගය ද ලබාදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad