පෙම් පලහිලව්ව නිසා ප්ලාස්ටික් පිස්තෝලය පෙන්වා තරුණිය පැහැරගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

පෙම් පලහිලව්ව නිසා ප්ලාස්ටික් පිස්තෝලය පෙන්වා තරුණිය පැහැරගෙන

ඊයේ (7) සවස කැකිරාව තවලම් හල්මිල්ලාව ප්‍රදේශයේ ඒ 9 මාර්ගය අසළදී වෑන් රථයකින් පැමිණි පිරිසක් තරුණියක පැහැරගෙන ගිය බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබේ. ඒ අනුව වැන් රථය ලුහුබඳින්නට පොලිසියට අයත් යතුරුපැදියකින් කටයුතු කළ අතර පසුව හබරණ හොරිවිල ප්‍රදේශයේ දී ඔවුන් වටළා තරුණිය බේරාගත් පොලිසියට සැකකරුවන් 7 දෙනාවද කොට කරගන්නට හැකිවිය.

වෑන් රථයේ ප්ලාස්ටික් පිස්තෝලයක්ද තිබී ඇත. වයස 25-29 අතර සිටි සැකකරුවන් මෙම තරුණිය පැහැරගෙන ගොස් ඇත්තේ ඇය සමග පෙම් සබඳතාවක් පැවැත්වූ පලාලි හමුදා කඳුවුරේ වෛද්‍ය බලකායේ සේවය කරන සෙබළකුගේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්නට බව අනාවරණය විය. එම සෙබළාද පිරිස අතර සිට ඇත. මෙම 23 හැවිරිදි තරුණිය වෙනත් තරුණයෙකු හා විවාහ වන්නට නියමිත බවත් මෙම පෙම්වතා හැරදැමීම නිසා ඇතිවූ කෝපයට ඇයව පිස්තෝල පෙන්වා බය කර පැහැරගෙන ගොස් රඳවා තබාගන්නට සැලසුමක් තිබුණ බවත් අනාවරණයවී ඇත.

කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad