ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී ජය ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් ලබාගත් අතර පසුව වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ පිල ඕවර 31 කදී ලකුණු 219 ක් ලබාගත යුතු විය.
සාර්ථකව සිය ඉලක්කය කරා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ. මෙම ජයග්‍රහණයත් සමගින් 2-2 ක් ලෙසින් තරගාවලිය සමකිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.
Saturday, July 8, 2017

ඩක්වර්ත් ලුවිස් නිසා සිම්බාබ්වේ තරගාවලිය සමකරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment