වේයන්ගොඩ පුද්ගලික ඉඩමක නාඳුනන කාන්තා මළ සිරුරක්

ගම්පහ වේයන්ගොඩ පුද්ගලික ඉඩමක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී ඇත. සිරුර අසළ හිස් වැසුමක් හා පාවහන් යුවළක් තිබී ඇති අතර සිරුර හමුවන විට නරක්වී තිබුණි. සොයාගත් මෙම මළ සිරුර දින හතරක් පමණ නරක්වී ඇති බව පරීක්ෂාවේදී අනාවරණය වී ඇත.

කිසියම් තැනක ඇයව ඝාතනය කර මෙතැනට ගෙනවිත් දමා ඇතැයි සැක මතුව තිබේ. හීන්දෙණිය, පට්ටිගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පාළුවට ගිය කොටසක මෙම සිරුර හමුවිය. මියගිය කාන්තාව කවුදැයි හඳුනාගෙන නැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment