කල් ඇද්ද පෙට් ස්කෑනරය ගෙන්වීමේ ඕඩරයට කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

කල් ඇද්ද පෙට් ස්කෑනරය ගෙන්වීමේ ඕඩරයට කැබිනට් අනුමැතිය

පිළිකා රෝහලේ අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන්වීම පිණිස පසුගිය කාලයේ මහජන අරමුදල් රැස් කළ පසුව අවශ්‍ය වූ මුදල සම්පූර්ණ වී දැන් මාස කිහිපයක්ම ගතවී තිබුනත් විවිධ අය කුට්ටි බෙදාගැනීමේ අපහසුතාවයන් මතු කිරීම නිසා මෙම යන්ත්‍රය ගෙන්වීමේ අවසන් තීරණය රජය මගින් ලබාගෙන තිබුනේ නැත.

පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට මෙතෙක් කල් ප්‍රමාද වූයේ රජය ප්‍රසම්පාදන ක්‍රීයාවලිය අනුගමනය නොකළ නිසා බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දන්වා සිටියා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් රැස්වීමේදී එම ප්‍රමාදය නිමාවට පත් කරමින් අවසන් වරට සකස් කළ ඉල්ලුම් පතට අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව ඕඩරය සිදු කළ බවත් ඔහු දන්වා සිටියා. ළඟදීම පෙට් ස්කෑනරය ගෙන්වීම සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad