දුමින්ද බබා වයසේ නිසා ළඳරු කතා කියනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

දුමින්ද බබා වයසේ නිසා ළඳරු කතා කියනවා

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොදෙන බවට පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් කරන ලද කතාව ළඳරු කතාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ජාවකදීය.

මහලේකම්වරයා ලෙස එවැනි ප්‍රකාශයක් සිදු නොකිරීමට තිබූ බවත්,එහෙත් තවමත් ඔහු බබා වයසේ නිසා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත්  පවසා සිටියේය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ හතර මායිම නොදන්නා මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බවට ප්‍රකාශ සිදු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad