"ත්‍රස්‌තවාදය තවමත් අවසන් නෑ" - අගමැති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

"ත්‍රස්‌තවාදය තවමත් අවසන් නෑ" - අගමැති කියයි

රටේ පැවැති යුද ගැටුම් අවසන් වුවත් ත‍්‍රස්තවාදය අවසන් වී නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ ගාලූමුවදොර හෝටලයේ දී ඊයේ  (13) පැවැති කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානයේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 8 වැනි වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව පැවැසීය.

සෑම රටක්ම මුහුණ දී තිබෙන ත‍්‍රස්තවාදය පිටු දැකීම සඳහා පොදු අරමුණක් සහිතව කලාපීය වශයෙන් ශක්තිමත්ව කටයුතු කළ යුතු බව ද අගමැතිවරයා කියයි. ‘‘අපට ත‍්‍රස්තවාදය පිළිබඳ දීර්ඝ අත්දැකීමක් තිබෙනවා. වාසනාවකට අපි ආයුද ගැටුම අවසන් කිරීමට සමත්වුණා. යුද්ධය එසේත් නැතිනම් ආයුද සටන් අවසන් වූ පමණින් ත‍්‍රස්තවාදය අවසන් වන්නේ නැහැ. ඒ නිසා අපි කලාපයට ආවේණික දෙයක් කළේ. 

අපි ප‍්‍රධාන පක්ෂ දෙකේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා.“ යැයි ඒ අගමැතිවරයා ප්‍රකාශ කරයි. කලාපයේ රටවල් අතරේ ශක්තිමත් ද්විපාර්ශවීක සබඳතා ඇති කරගන්න අතරේම කලාපයෙන් පිටත රටවල් සමඟ ශක්තිමත් ද්විපාර්ශවීක සබඳතා ඇති කරගත යුතු බවත් ඉදිරියට යා හැකි එකම මඟ එය බවත් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදි පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad