ශ්‍රී ලංකාවේ හොඳම සේවකයා ලෙස පොලිස්පති පූජිත්ට සම්මාන

ලෝකයේ පිළිගත් මානව සම්පත් කළමනාකරණ ඇගයුම් ආයතනයක් වන World HRD Congress 2017 වසරේ ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව තෝරාගෙන තිබෙන අතර ඊයේ ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය පිරිනැමුණි.

ජීවිතයේ එක්වරක් පමණක් මෙවැනි සම්මානයක් කෙනෙකුට පිරිනමන බව එම ආයතනය දන්වා ඇත. World HRD Congress යනු ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය කොටගත් ලාභ නොලබන ආයතනයකි.වසර 25ක් තිස්සේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ විමර්ශනය කරන ආයතනයකි. මෙම සම්මානය ලබාදුන් අවස්තාවේ එම ආයතනය ශ්‍රී ලංකා පොලිසියද ඇගයීමට භාජනය කර තිබේ.








Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment