සම සෞඛ්‍ය අවුල විසදන්න රාජිත සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

සම සෞඛ්‍ය අවුල විසදන්න රාජිත සූදානම්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර මහ රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සායනික පුහුණුව ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් සමග ඊයේ  (13) පැවති  සාකචිඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“හෙද සහ අතුරු වෛද්‍ය සේවා සදහා උපාධිය ලබා දීමේ යෝජනාව මම ඉදිරිපත් කළේ 2002 වසරේ දී.එහිදී ඇතැම් සංගම් විරෝධය පළ කලා.නමුත් මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට මම සෑමවිටම සහයෝගය ලබාදූන්නා.විරුද්ධ වූ අයත් දැන් ඊට කැමති වී සිටිනවා. එම නිසා අවසන් සාකචිඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

එම සාකචිඡාව ලබන සතියේ පවත්වනවා. ඉන් පසු මෙම ගැටළුව නිරාකරණය වෙනවා. මහනුවර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු හැර අනෙක් වාට්ටු පුහුණුව සදහා ලබාදීමට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කර තිබෙනවා. වෛද්‍ය වාට්ටු පුහුණූව පේරාදෙනිය රෝහලේ දී ලබාදෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad