මුස්ලිම් ජාතික මන්ත්‍රිවරු පිරිසක් ස්වාධීන වෙයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

මුස්ලිම් ජාතික මන්ත්‍රිවරු පිරිසක් ස්වාධීන වෙයි!

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික මන්ත්‍රිවරු පිරිසක්, රජයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට යන බවට තොරතුරු වාර්තා වනවා. රජය කෙරෙහි ඇති වී තිබෙන කලකිරීම එසේ ස්වාධීනව කටයුතු කිරීමට හේතු වී ඇතැයි එම මන්ත්‍රි කණ්ඩායම පවසා ඇති බවයි පැවසෙන්නේ.

එම මන්ත්‍රි කණ්ඩායම තවදුරටත් රජය තුළ රඳවා ගැනීමට පසුගිය දිනවල රජයේ ප්‍රබලයන් පිරිසක් සාකච්ඡා පවත්වා ඇතත් එම සියලු සාකච්ඡා අසාර්ථක වී ඇති බවද දැනගන්නට තිබෙන බව මාධ්‍ය පවසනවා. එම කණ්ඩායම, ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටින බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad