ඩෙංගු මඩින්න ඉසුරගෙන් ඉඩම් බද්දක්

අධික ලෙස ව්‍යාප්ත වෙන ඩෙංගු රෝගය ගැන සලකා බස්නාහිර පළාතේ අත්හැර දැමු ඉඩම් වලින් අද සිට ඉඩමේ වටිනාකමින් 2%ක බද්දක් අයි කිරීමට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 240 දක්‌වා ඉහළ නැග තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්‌ත්‍රික්‌ක රැසක තවදුරටත් ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශ කියා සිටී.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment