බස්නාහිර ඉඩම්වලට අද සිට බද්දක්

බස්නාහිර ඉඩම්වලට අද සිට බද්දක්
බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා එම ඉඩමේ විකිණුම් වටිනාකමින් 2%ක බද්දක් එසේ රජයට අය කර ගැනීමට තීරණය කර ඇතැයි මහ ඇමැතිවරයා සඳහන් කළේය. එසේ නොමැති සංවර්ධනය නොකර අත්හැර දමා ඇති ඉඩම් රජයට පවරා ගැනීමට හෝ ඉඩ ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment