ග්ලයිපොසේට් ගෙන්වීමට දත කෑ නවීන්ට දිගම්බරන් හරස් වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

ග්ලයිපොසේට් ගෙන්වීමට දත කෑ නවීන්ට දිගම්බරන් හරස් වේ..

මෙරටට ගෙන්වීමට තහනම් කර ඇති ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය නැවත මෙරටට ගෙන්වා බෙදාහැරීමට වතුකරයට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරයකු කටයුතු කරමින් සිටින බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගාම්බරම් මහතා පැවසීය.

ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය වතුකරයේ බෙදාහැරීමේ සූදානමක්‌ ඇති බවත් එසේ වුවහොත් තමා දැඩි විරෝධය පළකරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ පිළිබඳව තිගාම්බරම් ඇමැතිවරයා මෙසේ ද කීවේය. ‘ග්ලයිෆොසෙට්‌ වකුගඩු රෝගයට තුඩු දෙන රෝගකාරක පතුරුවා හරින කෘෂි රසායනයක්‌. ජනාධිපතිතුමා මේ රසායනය ලංකාවට ගෙන්වීම තහනම් කළා. එසේ තිබියදී රජයේම ඇමැතිවරයකු නැවත ග්ලයිෆොසෙට්‌ ගෙන්වීමට ක්‍රියා කරනවා නම් අපි එකහෙළා විරෝධය පළ කරනවා. මේක වතුකරයට බෙදාහරින බව ආරංචියි. මේවා වතුකරයට හෝ රටට අවශ්‍ය නැහැ. එය නැවත ගෙන ආවොත් අපි දැඩිව නැගී සිටිනවා’

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad