දෙමළ සන්ධානය මහනාහිමිවරුන් හමුවීමට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

දෙමළ සන්ධානය මහනාහිමිවරුන් හමුවීමට සැරසෙයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම හා දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් හමුවීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැත යනුවෙන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නාහිමිවරුන් සමඟ සාකච්ජා කිරීමට නියමිත බවත්
දෙමළ ජනතාවගේ අභිලාෂය වන්නේ සියළු ජනතාවට පිිළිගත හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වන බවත්  දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසීය.ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි යනුවෙන් සඳහන් කිරීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නාහිමිවරුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවේ අදාළ තීරණය සම්බන්ධයෙන් කාරුණිකව නැවත සළකා බලන ලෙසය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව යහපාලන රජය බිහිකිරීමට සහයෝගය ලබාදුන් බවය.

No comments:

Post a Comment

Post Bottom Ad