“පක්ෂ දෙකක් එකට වැඩ කරන්න හරි අමාරුයි“ - අගමැතිගෙන් ආණ්ඩුව ගැන ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

“පක්ෂ දෙකක් එකට වැඩ කරන්න හරි අමාරුයි“ - අගමැතිගෙන් ආණ්ඩුව ගැන ඉඟියක්

පක්ෂ දෙකක් එකතු වී වැඩ කටයුතු සිදු කිරීම ඉතා අසීරු කාර්යයක් වුවත්, රටේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එකට එකතු වී වැඩ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසූවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස 500 ක් ඉදිකිරීම සඳහා අද(17) පැවති උත්සවයට එක් වෙමින් මේ අදහස් පළ කළේය.

ජාතික ආණ්ඩුව තුළින් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි ගැනීම සඳහා කිසිදා කටයුතු නොකරන අතර, සිදු කරනු ලබන වැඩ දෙස බලා අනාගතයේ දී පැවැත්වෙන මැතිවරණයකදී ජනතාව විසින් දේශපාලඥයින් තොරා ගනු ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. දැනට රටේ පවතින කෝටි හාරලක්‍ෂ විසිදහක ණය ගෙවීමට නම් තරඟකාරී වෙළඳ ආර්ථිකයක් සමග අපනයන ආදායම්, ඍජු හා වක‍්‍ර ආදායම් ඉහළ දමා ගත යුතු බවත් සඳහන් කළ අගමැතිවරයා සංවර්ධනයේ ප‍්‍රතිලාභ හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ පිරිසකට පමණක් නොව සමස්ථ රටවැසියන්ටම බවද කියා සිටියේය.

එහිදී අගමැතිවරයා සඳහන් කර සිටියේ, දැනට රටේ පවතින කෝටි හාරලක්‍ෂ විසිදහක ණය ගෙවීමට නම් තරඟකාරී වෙළඳ ආර්ථිකයක් සමග අපනයන ආදායම්, ඍජු හා වක‍්‍ර ආදායම් ඉහළ දමා ගත යුතුයි. තරඟකාරී වෙළඳ ආර්ථිකයේ ප‍්‍රතිලාභ සුළුතරයකට පමණක් හිමි නොවී සමස්ථ රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ටම හිමිකර දිය යුතුයි. ඊට සරිලන වෘත්තීයවේදීන් රටේ බිහි කිරීම උදෙසා, පාසල් දියුණු කර අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් වෘත්තීය අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුයි. 

තවද, වෘත්තීයවේදියාගේ පහසුකම් පිළිබඳව පිළිගත් සහ විධිමත් පිළියමක් රජය ලබාදිය යුතුයි. පාඨලී චම්පික ඇමතිතුමා තමන්ගේම යෝජනාවක් ලෙස උගතුන්ට, වෘත්තීයවේදීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. එය ශක්තිමත් කරන්න, ඒ හා බැඳුණු ප‍්‍රවාහනය වේවා, යටිතල පහසුකම් වේවා, කැලිකසළ කළමනාකරණය වේවා අවශ්‍යවන විසඳුම් චම්පික රණවක ඇමතිවරයාගෙන් ලැබෙයි කියන විශ්වාසය අප සතුව තිබෙනවා. මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ පිරිසකට පමණක් නෙමෙයි සමස්ථ රටවැසියන්ටම’ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad