වෛද්‍ය සංගමය හෙට වැඩ වර්ජනයකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

වෛද්‍ය සංගමය හෙට වැඩ වර්ජනයකට සැරසෙයි

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා හෙට (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

වැඩවර්ජනය නතර කරගැනීමට නම් බලධාරීන් අද(24) දිනයේ දී එම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි එන්.පී -0410 දරණ වෑන් රිය කාගේ ද? එහි පැමිණි පිරිස කවුද ? ඒ අයට නියෝග දුන්නේ කවුද? ඔවුන් හා පොලිසිය අතර සම්බන්ධයක් තිබේද? 

තිබේනම් ඒ කුමන සම්බන්ධයක් ද? යන්න බලධාරීන් රටට හෙළි කළ යුතු යැයි ද කී අලුත්ගේ මහතා නැවත මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් ද බලධාරීන් පිළිතුරු සැපයිය යුතු බව කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad