නල්ලූර් වෙඩි තැබීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

නල්ලූර් වෙඩි තැබීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අද(23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. 

මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකුට ඊයේ(22) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර එම ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් සැරයන්වරයා අද අලුයම මියගොස් තිබුණි. මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ග තදබදය හේතුවෙන් නතර කළ අවස්ථාවේ පොලිස් සැරයන්වරයා සහ එම ස්ථානයේ සිටි පිරිසක් අතර බහින් බස්වීමක් සිදුව ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එහිදි එක් පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාගේ ගිනි අවිය උදුරාගෙන ඔහුට වෙඩි තබා තිබේ.  

අදාළ වෙඩි තැබීමේ දී එම්.ඉලංචේලියන් විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා මෝටර් රථයේ සිටි පොලිස් කොස්තාපල්වරයා ද වෙඩි තබා ඇති අතර එහිදි සැකකරුට ද වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදී පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad