මට කටාර් එපෝ... මං අස්වෙනවෝ... - ASP ලියනගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

මට කටාර් එපෝ... මං අස්වෙනවෝ... - ASP ලියනගේ

තමාට අවශ්‍ය වන්නේ ලංකාවේ ආණ්ඩුකාර ධුරයක් මිස විදෙස් රටක තානාපතිකමක් නොවන බවට මැසිවිලි නගමින් ඉඩකඩම් ව්‍යාපාරික ASP ලියනගේ සිය දුක්ගැනවිල්ල හෙළි කිරීමට අද (5) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ස විසින් නයිජීරියාවේ තානාපති ධූරයට පත් කර සිටි ඔහු පසුව මහින්දගේ මැතිවරණයට සහය ලබාදෙන්නට ජනපති අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත්වූ අතර මහින්දගේ පරාජයෙන් පසු ඔහු අත්නොහැර මහින්දට කොළඹ පදිංචිය පිණිස නාවල කොස්වත්ත පාරේ පිහිටි පීකොක් මන්දිරය ලබාදීමටද සූදානම් විය.

කෙසේ නමුත් එය මහින්ද ඔහුට මුදල් ගෙවා ලබාගෙන ඇතිය යන සැකය මත FCID ප්‍රශ්න කිරීමකටද බඳුන්වූ අතර එම පැටලිලි වලින් ඔහු ගැලවී ගියේ ටික කලකින් මෛත්‍රී ජනපතිගේ ගාල්ලේ පැවති රැස්වීමකදී මල්මාලා දමා වේදිකාවට ගොඩවීමෙන් අනතුරුවයි. ඉන්පසු කටාර් රාජ්‍යයේ  තානාපති ලෙස ඔහුට පත්වීමක් ලැබුණ අතර එය ඉතසිතින් භාරගත් හෙතෙම ඒ ප්‍රීතිය වෙනුවෙන් සාදයක්ද සංවිධානය කර මැතිඇමතිවරු ඇතුළ ප්‍රධාන දේශපාලකයින්ට එයට ආරාධනා කර තිබුණි.

කෙසේ නමුත් මීට මාස කිහිපයකට පෙර ඔහු කටාර්හි රාජකාරී කරන අතරතුරේ අරාබි රටවල් මගින් කටාරය වෙත සම්බාධක හා තහනම් නියෝග නිකුත් කිරීමත් සමග ඔහුට එහි තානාපති සේවය දුෂ්කර කටයුත්තක් වී තිබේ. ජනපති ලේකම් ධූරයට පසුගියදා ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කිරීම නිසා ඔස්ටින් මහතා ඒවනතෙක් දැරූ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය හිස්වුණ නිසා එය තමාට ලබාගන්නට කටාරයේ සිට ASP ලියනගේ කැසකවමින් සිට ඇත. ඔහුට එය ලැබෙන තරමට විහ්වාසයක් ලැබුණ නිසා පෙරේදා ලංකාවටද ඔහු ආ නමුත් අනපේක්සිත ලෙස එහි දිවුරුම් දුන්නේ මෛත්‍රී හිතවතෙකුවූ රෝහිත බෝගොල්ලාගම හිටපු ඇමතිවරයාය.

මෙම තීරණය නිසා දැඩි ලෙස කලකිරී ඇති ASP ලියනගේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය. ‘මට ලංකාවේ රැඳී සිටින්නටයි ඕනෑ.. මට කටාර් තානාපතිකම් එපා.. මං අස්වෙනවා..‘ කඩා දරුවෙකු මෙන් ඔහු සිය දුක ප්‍රකාශ කළේය. සිනමාවෙන් කවුළුව වේදිකාවෙන් ඔතෙලෝ රූපවාහිනියෙන් හිමි අහිමි ඉදිරිපත් කළ ඉඩකඩම් ව්‍යාපාරික ඒඑස්පී  ටීඑන්එල් නාලිකාවේ පැදුරු සාජ්ජයක්ද ඉදිරිපත් කරමින් කාලයක් තිස්සේ ජනතාවට වින්දනය සැපයීමට දායකවූ පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad