මුතුරාජවෙලට කොළඹ කුණු බැහැර කිරීම තහනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

මුතුරාජවෙලට කොළඹ කුණු බැහැර කිරීම තහනම් කරයි

මුතුරාජවෙල දෑලතුර ප‍්‍රදේශයට කැළි කසල බැහැර කිරීම ලබන සිකුරාදායින් පසු නතර කිරීමට නියමිත බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම තීරණය ගෙන ඇත්තේ ඊයේ (4)  අමාත්‍යවරයාගේ  ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණේ මේ අතර මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමනාකාරයෙන් කසළ එකතු කිරීමෙන් කොළඹ මහ නගර සභාව ඇතුළු අදාළ බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.  

මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මඟින්  කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉකුත් 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබිණි. කොළඹ නගරය තුළ එකතු වන කැලි කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, පරිසරවේදීන් සහ ආගමික නායකයින්ද දැක් වූයේ දැඩි විරෝධයකි. මේ නිසා මීගමු කලාප ප්‍රදේශය සහ මුතුරාජවෙල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ද බලපෑම් එල්ල වී ඇති බවද සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad