වෛද්‍ය සංගමය වර්ජනය කල් දැම්මේ අගරදගුරුතුමන් නිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

වෛද්‍ය සංගමය වර්ජනය කල් දැම්මේ අගරදගුරුතුමන් නිසා

අද 5 දා සිට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන්නට නියමිතව සිටි නොනිමි වැඩවර්ජනය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ මාධ්‍ය හමුවකින් පළ කළ විරෝධය හමුවේ අකුළාගත් බව ආරංචිමාර්ග අනාවරණය කරයි. 

ඩෙංගු වසංගත අධි අවදානමක් පවතින මෙම මොහොතේ ඒ පිළිබඳ සැලකිල්ල යොමුකරමින් වැඩ වර්ජනයකට යාමෙන් වළකින ලෙස අගරදගුරුතුමන් විසින් ඊයේ (04) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කාරුණිකව ඉල්ලුම් කර තිබුණි. මේ අතර මහනායක ස්වාමින් වහන්සේලා බැහැදකින්නට ගිය එම සංගමයේ නිලධාරීන්ට ඊයේ උදෑසන එම හිමිවරුන්ද අනුශාසනා කර තිබුණි.

පවතින වාතාවරණය තුළ ජනපති එකඟවී තිබෙන තීරණ 4 ඉටුවනු ඇති බවත් හිමිවරුන් පෙන්වාදී ඇත. කොටුව ස්ටේෂම අසළ වෛද්‍ය පීඨ මාපියන් තැනූ අට්ටාලයද අද ඉවත් කරගෙන තිබුනේ අධිකරණ නියෝගයට අනුකූල වෙමිනි. මෙම සතිය තුළ සයිටම් සම්බන්ධයෙන් අවසන් තීන්දුව නිල වශයෙන් රජය ලබාගනු ඇතැයි දේශපාලන ආරංචි හෙළිකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad