ASP ලියනගේ රඟපෑමක! රෝහිතට ආණ්ඩුකාරකම දුන්නාට ASPට හිත රිදිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ASP ලියනගේ රඟපෑමක! රෝහිතට ආණ්ඩුකාරකම දුන්නාට ASPට හිත රිදිලා

කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ මහතාට ආණ්ඩුකාර ධූරයක් ලබා දෙන බවට දන්වා රජයෙන් නිල වශයෙන් ලංකාවට කැදවීමක් සිදු කර නොමැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

නැගෙනහිර ආණ්ඩුකාර ධූරය තමාට ලබා දෙන බවට ඒ.එස්.පී ලියනගේ මහතා මාධ්‍ය මගින් ප්‍රචාරය කර පෞද්ගලිකව මෙරටට පැමිණ මාධ්‍ය සංදර්ශණ පවත්වා රඟපෑමක නිරත වන බව රජයේ ප්‍රකාශකයෙකු පැවසී ය. කෙසේ වෙතත් ඊයේ (05) කොළඹදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ මහතා පැවසූවේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය තමාට ලබා නොදීම නිසා මේවන විට කම්පනයෙන් සිටින බවයි.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සන්ධාන රජය තුළ නියෝජනය වන බවත්, ජනාධිපතිවරයා විසින් තමාව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබුවේ ආණ්ඩුකාර ධූරයක් හිස්වන තෙක් පමණක් බැව් එවක ජනාධිපතිවරයා කියා සිටි බවත් ලියනගේ මහතා පෙන්වා දුන්නේය. 


නමුත් නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට මේවන විට රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර ඇති බවත්, එය තමන්ට නොදීම සම්බන්ධයෙන් බලවත් සිත් තැවුලක් හටගෙන ඇති බවත් පැවසූ ඒ මහතා එවැනි ව්‍යාකූල මානසිකත්වයකින් තානාපති ධූරයේ කටයුතු කරගෙනයාම අපහසු බැවින් තමන් එකී තනතුරෙන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එම ඉල්ලීම ඉටුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශිෂ්ට දේශපාලනඥයෙකු බවත්, ඉදිරියේදී හෝ රටේ කොයි පළාතේ හෝ ආණ්ඩුකාර ධූරයක් හිස් වුවහොත් එය තමාට ලබාදීමෙන් එතුමා තවත් විශිෂ්ටත්වයට පත්වනු ඇති බවත් ලියනගේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad