මන්නාරමේ සිට කෝච්චියෙන් කොලඹට කෙර්ල ගංජා අදී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මන්නාරමේ සිට කෝච්චියෙන් කොලඹට කෙර්ල ගංජා අදී…

තලෙයි මන්නාරම් කොළඹ රාත්‍රි තැපල් දුම්රියේ සිදු කරන ලද සොදිසියකදී කේරල ගංජා කිලෝ 20 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සගවා තිබියදී හමු වූ බවට නාවික හමුදාව හා පොලීසිය කියා සිටියහ.

උතුරු මැද නාවික විධාන මූලස්ථානයට හා වංකාලෙයි පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව තලෙයි මන්නාරම් හා කොළඹ අතර ධාවනය වන රාත්‍රී තැපල් දුම්රිය 03දා රාත්‍රී 10 .45 ට පමණ හදීසි සෝදිසියකට ලක් කල අතර එහිදී සැක කටයුතු ලෙසින් සගවා තිබූ කාඩ් බෝඩ් පෙට්ටි දෙකක් පරික්ෂා කිරීමේදී අදාල කේරල ගංජා තොගය හමු වී ඇත.

කේරල ගංජා තොගය හමු වුනද එය සැගවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම වංකාලෙයි පොලිස් ස්ථානය වෙතට භාර දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad