දේශගුණයට අභියෝග කරමින් නුවරඑළියේ රටඉඳි වැවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

දේශගුණයට අභියෝග කරමින් නුවරඑළියේ රටඉඳි වැවෙයි (PHOTOS)

උණුසුම් දේශගුණයක සෑදෙන රටඉඳි ඉතා සරුවට ශිත දේශගුණයක් සහිත නුවරඑළිය  තලවාකැලේ ප්‍රදේශයේ සෑදී ඇති බව වාර්තා වේ. තලවාකැලේ පොලිස් ස්ථානයේ පිහිටි රටඉඳි ගසේ මේ වන විට ඉතාමත් සරුසාර ලෙස මෙසේ රටඉඳි පොකුරු පහක් හට ගත් බවත් ඉන් දෙකක් කපා වේලීමට තබා ඇති බවත් තලවාකැලේ පොලීස් නිලධාරීන් පැවසීය.

මීට ඉහතදී අවස්ථා කිහිපයකදී ද මෙම රටඉඳි ගසින් ඵලදාව හටගත් බවත් එම හටගත් ඵලදාව රටඉඳි ගෙඩි පැසීමට පෙර කඩා හැලුණු බවද සඳහන් වේ. මෙම ඵල හට ගෙන ඇති රටඉඳි ගස් දැක බලා ගැනීමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසීන් පැමිණෙන බව තලවාකැලේ පොලිස් නිලධාරීන් තවදුරටත් පැවසීය.

(හැටන්-රංජිත්)



No comments:

Post a Comment

Post Bottom Ad