ඩෙංගු තවත් දරුණු වෙයි - මිය ගිය ගණන 230 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ඩෙංගු තවත් දරුණු වෙයි - මිය ගිය ගණන 230 දක්වා ඉහළට

රටපුරා ඩෙංගු  උණ රෝගය තවදුරටත් තදින් පැතිර යමින් තිබෙන අතර මේ වනවිට එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන්  කරයි.

තවද මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ දිවයිනේ විවිධ පළෘත් වලින් ඩෙංගු උණ රෝගීන් 80,000කට අධික සංඛ්‍යාවක් හමු වී තිබෙන බවද එය මෑත ඉතිහාසයේ  වැඩිම ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව බවද සෞඛ්‍ය  අමාත්‍යාංශය අනාවරණය කරයි. කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්ත්‍රික්ක ගණනාවකට තවදුටත් ඩෙංගු උණ තදින් පැතර යමින් තිබෙන බවද සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad