අලුත් ක්‍රමයට එන පුංචි ඡන්දය මේ වසරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

අලුත් ක්‍රමයට එන පුංචි ඡන්දය මේ වසරේ

පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා මේ වසර අවසන්වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සක්‍රිය කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟතාවයකට පැමිණ තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. පළාත් පාලන ඡන්දය පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට බවත්, කේවල ක්‍රමයට සියයට හැටක්ද, ඉතිරි සියයට හතළිහ සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරු පත්කර ගැනීමට පක්ෂ නායකයෝ එකඟතාව පළකර ඇත. ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට සහභාගි වි තිබේ.

එහිදී පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීම් පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇති අතර අනෙකුත් බාධාවන් හඳුනා ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර ඇත. එම කමිටුවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාද ශ්‍රීලනිපයෙන් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න හා ජවිපෙ බිමල් රත්නායක යන මහත්වරුන් පත්කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් විසින් පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනත ඔක්තෝබර් මාසයට පෙර ඉදිරිපත් කොට දෙසැම්බර් මාසයට පෙර ඡන්දය පවත්වා අවසන් කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ෙනෙතික අවහිරතා විසඳා ගැනීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad