සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක්

දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයට විවෘත කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි. එම ක්‍රියාව තුළින් සතුන්ගේ දින චර්යාව කෙරෙහි අනර්ථකාරී බලපෑමක් වන බැවින් එය සත්ව හිංසාවක් ලෙස පැහැදිළිවම අර්ථ ගැන්විය හැකි බවද පරිසර යුක්ති කේන්ද්‍රය වැඩිදුරටත් අනාවරණය කරයි.

කෙසේ වෙතත් දෙහිවල සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා සැප්තැම්බර් මස 9 දින සිට රාත්‍රී 10 දක්වා විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. මීට පෙර සත්ව උද්‍යානය විවෘතව පැවතියේ පෙරවරු  8.30 සිට පස්වරු 6. 00 දක්වා පමණි. නව ක්‍රමවේදය තුළින් සවස 6 සිට රාත්‍රී 7 දක්වා කාලයක් සත්ව උද්‍යානය වසා තැබෙන අතර ඉන් අනතරුව රාත්‍රී 7 සිට පැය 3 ක කාලයක් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතියි.

සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටස් පමණක් මෙලෙස රාත්‍රී කාලයට විවෘත වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad