කෝලිගේ සිහිනය උදුරා ගත් පකිස්ථානුවෝ ක්‍රිකට් පොත අලුත් කරපු අවසන් තරඟයේ විශේෂ අවස්ථා මෙන්න - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

කෝලිගේ සිහිනය උදුරා ගත් පකිස්ථානුවෝ ක්‍රිකට් පොත අලුත් කරපු අවසන් තරඟයේ විශේෂ අවස්ථා මෙන්න - VIDEO

2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පකිස්ථාය සමත්වුනා. ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමින්. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා.

ෆකාර් සමන් 114 යි. පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත් වුනා/. අසාර් අලි 59 යි. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කලේ පන්දු 37 කින්. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණයි. රෝහිත් ශර්මා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් වුනා. නායක විරාත් කෝලි ලකුණු 5 යි.

මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියා. යුවරාජ් සිං ලකුණු 22 ක් සහ ශිකර් ධවාන් ලකුණු 21 ක් ලබාගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad