ලංකාව ඇමරිකා හමුදාවේ යුද බිමක් කිරීමේ සැලසුම් ගැන වාසුදේව හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

ලංකාව ඇමරිකා හමුදාවේ යුද බිමක් කිරීමේ සැලසුම් ගැන වාසුදේව හෙළි කරයි (VIDEO)

මෙරට භූමිය ඇමරිකානු හමුදවන්ගේ යුද බිමක් බවට පත් කිරීමේ ක්‍රමානුකූල සැලසුමක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (26) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි. ACSC ගිවිසුම ඇමරිකාවේ යුද උවමනාවක් ඇති වුවහොත් අපේ වරාය හා භූමිය යම් ආකාරයකට සේවා සපයන්නට ගත හැකි නමුත් එයට මෙවැනි වගන්තියක් ඇති බව මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය. ලංකාවටත් උවමනා වුනොත් යම් තැනක ලෝකයේ තමන්ගේ යුද ක්‍රියාකාරීත්වයක් සඳහා ඇමරිකාවේ උදව්වත් ඇමරිකාවත් අපිට ඒ විදිහටම ඉඩ සැලසිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත්,තානාපතිවරයාත් මේ ඇමරිකානු ගිවිසුම අත්සන් කළ බවත් එයට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා එම හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා එම ගිවිසුම වලංගු නොවන බව කියා සිටියේය. මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවා නම් එය රාජ්‍ය නායකයා අත්සන් කළ යුතු බවත් නැතහොත් රාජ්‍ය නායකයාගේ අනුදැනුම මත එය අත්සන් කළ යුතු බවත් එසේ නොමැති නම් එය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බව හා නැතිනම් එය වලංගු නොවන බවත් සඳහන් වේ.

මෙය වලංගු නොවන නිසා මේ ගැන කලබල නොවන ලෙසත් හිටපු ජනාධිපතිතුමා පැවසූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙලෙස වලංගු නොමැතිව තිබූ එක්තරා ගිවිසුමක් වලංගුතාවක් ඇති බලාත්මක කළ හැකි ගිවිසුමක් බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා දැන් සුදානම් වන බවත් ක්‍රමානුකුලව මේ ආණ්ඩුව ඇමරිකානු බල හමුදාවන්ට අපේ රට ඔවුන්ගේ එක්තරා විදිහක යුද බිමක් කර ගන්න ඉඩ සැලැස්වීමට යන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad