පන්නිපිටිය මගී ගුවන් පාලමෙන් සිසුවියක් බිමට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

පන්නිපිටිය මගී ගුවන් පාලමෙන් සිසුවියක් බිමට පනී

අද (27) උදෑසන පාසල් සිසුවියක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලමක් මතින් පැන ඇති සිද්ධියක් වාර්තා වේ. අදාළ සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කර තිබූ වෑන් රථයක් මත වැටී ඇති බව ද වාර්තා වේ.

එහිදී බරපතල තුවාල ලැබූ සිසුවිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර සිසුවියගේ කොන්ද ප්‍රදේශයට හා බෙල්ලට මෙම අනතුරෙන් බරපතල තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. බරපතල තත්වයේ පසුවන සිසුවිය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කර යවා ඇති බවද වාර්තා වේ. ඇදවැටීමෙන් අස්ථිවලට ඇතිවූ දැඩි හානිය හේතුවෙන් සිසුවියට කලක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවන බව වැඩි දුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad