Sri Lankan සමාගම නැවත එමිරේට්ස් වෙත

අධික ලෙස පිරිහීමට ලක්ව තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම  ඉහළ ලාභ උපයන තත්වයට දියුණු කරගැනීම සඳහා අලෙවි

කිරීමට රජය ලබාගෙන තිබුණ තීරණය ප්‍රකාරව එය යළි ඩුබායි රාජ්‍යයට අයත් එමිරේට්ස් වෙත අලෙවි කරන්නට නියමිත බව වාර්තාවේ.

මින් ඉහත චන්ද්‍රිකා ජනපතිනියගේ පාලන සමයේත් මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කරන ලද අතර පසුව එම ගලිවිසුම් කාලය නිමාවීමෙන් පසු ශ්‍රී ලන්කන්හි සම්පූර්ණ අයිතිය රජය සතු විය. 

කෙසේ වෙතත් පසුගිය රජය සමයේ අධික ලෙස පිරිහිීමට ලක්වූ ආයතනයක් බවට පත්වුණ මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කිරීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කැබිනට් රැස්වීමේදී දන්වා ඇති අතර ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට අමුණුගම,මලික් හා කබීර් ඇමතිවරුන්ගෙන් යුත් කමියටටුවක්ද පත් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment