රාජිත - GMOA මත ගැටුම යළි කරළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

රාජිත - GMOA මත ගැටුම යළි කරළියට

අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ මතු වූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් විසදුම් ඉදිරිපත් කර ක්‍රියාත්මක වෙමින් තිබියදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මාධ්‍ය හමු පවත්වමින් යෝජනා ඉදිරිපත් කිරීම ජනතාව නොමඟ යැවීමක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩෙංගු රෝගයට ගොදුරුව පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත් ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඩෙක්ස්ට්‍රැන් ග්‍රෑම් 40 ඖෂධයේ හිඟයක් බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පළමුව ප්‍රකාශ කළ ද එම ඖෂධ ප්‍රමාණවත් තරම් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කිරීමෙන් පසු එම සංගමය ස්තූතිය පුද කළ අයුරු ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංගමය වර්තමානයේ  වෘත්තීය අයිතීන් දිනා ගැනීම පසෙකලා දේශපාලන ව්‍යාපාරවල නිරත වන බවත් එය වෘත්තීය සමිතියකින් දැකිය යුතු ලක්ෂණයක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය. ඩෙංගු ජනාධිපති කාර්ය සාධක බලකාය වහාම කැදවන ලෙස තමන් ජනපතිගෙන් ඉල්ලා ඇති බව ද ත්‍රීවිධ හමුදාව යොදවා කසල කළමණාකරණය කිරිම පිළිබදව ද තමන් ජනාධිපති දැනුවත් කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. 

තවද කසල කළමණාකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට මාධ්‍ය හමු පවත්වන ලෙසත් තමන් එම සංගමයෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad