ඛනිජ තෙල් සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

ඛනිජ තෙල් සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.
එහි කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා කියා සිටියේ එම සංගමයේ විධායක සභාව ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන බවයි.
අදාළ ගැටළුවලට විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් විෂය භාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ද ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.
අදාළ වාර්තාව ලබා දී සතියක් ගතවී ඇතත් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad