අන්තර්ජාල මුහුණු පොත (Facebook) හරහා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පාසල් සිසුවෙකු මෝටර් රථ දෙකකික් පැහැර ගෙන ගොස් නිවසක් තුල සිරකර පහරදුන් තරුණයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ ආරම්භකර තිබේ.
පහරදීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර සෙසු සැකකරුවන් පිරිස සිද්ධියෙන් අනතුරුව සැගවී සිටින බව පොලිසිය පැවසුවේය. සිසුවා පැහැර ගැනීම සඳහා සැකකරුවන් පැමිණි මොටර් රථ දෙක සම්බන්ධයෙන් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙන අතර පැහැර ගෙන පහරදීම සදහා පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ඥාති පුත්‍රයෙකු ඇතුළු වයස අවුරුදු 22- 25 අතරේ පසුවන්නන් පිරිසක් සහභාගීවී තිබෙන බව පොලිසිය අනාවරණයකර ගෙන තිබුණී.
පහරකෑමට ලක්වු 17 හැවරදි පාසල් සිසුවා හා පැහැර ගැනීමට එක්වූ තරුණයෙකු අතර අන්තර් ජාල මුහුණු පොත ඔස්සේ කෙටි පණිවිඩ හුවමාරු කරමින් දරුණු බහින් බස්වීම සිදුවී ඇති අතර කඩු කිනිසි ඡායාරූප එහා මෙහා හුවමාරු කරගනිමින් දෙපාර්ශව දින කිහිපයකට ඉහතදී බහින් බස්වී තිබේ. පසුව පැහැර ගැනීම සිදුකල තරුණයන් අතර සිටින තරුණයෙකු උඹව උස්සනවා යනුවෙන් පාසල් සිසුවාට තර්ජනය කර තිබෙන අතර පාසල් සිසුවාත් ඊට ප්‍රතිචාර දැක්වීම නිසා උපක්‍රමශිලීව තරුණියක යොදවා ඔහු පැහැර ගැනීමට තරුණයන් පිරිස කටයුතු කර තිබේ.
පාසල් සිසුවා සමඟ හිතවත්කම් පවත්වන වැඩිමහල් තරුණියක් යොදවා ඔහුට අනුරාධපුර නගරයට පැමිණෙන ලෙස ඇමතුමකින් දන්වා පසුගිය සිකුරාදා දිනයේ තරුණයන් පිරිස පැහැර ගැනීම සිදුකර තුන්වන පියවර ප්‍රදේශයේ පිහිටි නිවසකට රැගෙන ගොස් පහරදීම සිදුකර නැවතත් අනුරාධපුර නගර සභාව ඉදිරිපිට පිහිටි බස් නැවතුමට සිසුවා ගෙනත් දමා තිබෙන බව පොලිසිය පැවසුවේය.
තරුණයන්ගේ පහරකෑමෙන් රෝගිවූ සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට දරුවාගේ දෙමාපියන් කටයුතු කර තිබුණි. පහරකෑමට ලක්වූ සිසුවා අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පදිංචි අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අයෙකි. සැකකරුවන් හා මෝටර් රථ සොයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ සිදුකරයි.
Sunday, June 4, 2017
FB වලිය දුරදිග ගියපු හැටි…
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment