මහනුවර හාරිස්පත්තුව ආසනයේ හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර එහි අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොහොට්ටුව ලකුණින් ඡන්දය ඉල්ලු පිල දිනාගෙන ඇත.
ඒ අනුව මහින්ද පිල වෙනුවෙන් හාරිස්පත්තුව දකුණ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති හා උප සභාපතිවරයා අදම පත් කර ගත් අතර මහින්ද පිලට අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු පත්වුනි. එය සමස්ථ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සීයයට 71% ක් වන අතර එම ප්‍රමාණය බාධා රාශියක් මැද්දේ පොහොට්ටුව දිනා ගැනීම විශේෂත්වයකි.
මේ සඳහා පොහොට්ටුව කණ්ඩායම මෙහෙයවීම මධ්‍යම පලාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් ඇතුළු මහින්ද පාර්ශ්වයේ කණ්ඩායම මෙහෙය විය. එමෙන්ම මෙහිදී ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කල අතර එම කණ්ඩායමට හිමිවුයේ අධ්‍යක්ෂවරුන් 2 දෙනෙකු පමණි. එය සමස්ථ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සීයයට 29%ක් පමණ ප්‍රතිශතයකි.
මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මෙන්ම මධ්‍යම පලාත් සභාවේ මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන ඇතුළු එජාපයට සම්බන්ධ කණ්ඩායමක් සියලුම රාජ්‍ය අනුග්‍රහය ඇතිව නොයෙකුත් පොරොන්දු දෙමින් තම කණ්ඩායම මෙහෙය වූ අතර මෛත්‍රී-රනිල් කණ්ඩායමට අන්ත පරාජයක් මෙහිදී අත්විය.
Sunday, June 4, 2017
Home
දේශපාලන පුවත්
රාජ්‍ය බලය, මැර බලය, ධන බලය පරදා කන්ද උඩරටින් විශිෂ්ට ජයක් මහින්දගේ පොහොට්ටුවට.. පොහොට්ටුවට 71%යි මෛත්‍රී-රනිල් එකතුව 29%යි..
රාජ්‍ය බලය, මැර බලය, ධන බලය පරදා කන්ද උඩරටින් විශිෂ්ට ජයක් මහින්දගේ පොහොට්ටුවට.. පොහොට්ටුවට 71%යි මෛත්‍රී-රනිල් එකතුව 29%යි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment